Wednesday, October 12, 2011

නොමැරෙන හැටි අපි පෙන්වන්නම් !

මේ ලියන්නේ අනුරාධි ටයි.අනූ සහ මම අතර සම්බන්ධය ඇති වෙන්නේ 1992 දී.ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මිය ගියාට පස්සේ...ඔහුට නැවත පණ ලබා දීමේ උදාරතර අරමුණින් මමත් අනූත් "මියගිය අයට පණ දෙන බෙහෙතක් " හදමු කියා කතා වුනා.
අනුව අපි වෙන වෙනම පරීක්ෂණ කරන්න කතා කර ගත්තා.අගෝස්තු නිවාඩුවෙදි අපි දෙන්නාම වෙන වෙනම ඒකට වැඩ කරගෙන ගියා..........
පවුඩර්,සබන්,ඕඩිකොලෝන්,රින්සෝ...සහ තවත් දේවල් පුංචි බෙහෙත් බෝතලයක එකට දමමින් තමා මේ කාර්යය පටන් ගත්තේ....ඔය ගැන අදහස දුන්නේ අනූ මයි.
ඒත් නිවාඩුව ඉවරවෙලා ඉස්කෝලෙ යද්දි අපි දෙන්නගෙම බෙහෙත් බෝතල් අපේ අම්මලා වීසි කරලා තිබ්බා.
අනාගත scientists ලාදෙන්නෙක්ගේ පලමු උත්සාහය කඩාකප්පල් උනේ එහෙමයි
අපේ වයස අවුරුදු 10 යි එතකොට..

3 comments:

  1. Ammala Api gana hithala wada karala thiyenne!!!!!lol

    ReplyDelete
  2. හහ්! මමත් පුංචිකාලේ ඔහොම එකක් කලා මතකයි! ගස් කොල ඉස්ම, පොල් වතුර ආදී අතට අහුවෙන හැම දෙයක්ම දාලයි ඒක හැදුවේ! (අමරණීය බෙහෙතක්නම් නෙවෙයි) දවස් 5,6කට පස්සේ පලාතේ ඉන්ට බෑ ගඳයි! හික්ස්!!

    ReplyDelete
  3. ඔය පෝෂන් හැදිල්ල දැන් කාලේ ළමයිත් කරනවා. හුඟක් ගෙවල් වලට ගියහම බාත් රූම් හරි ලස්සනයි. මල් තියලා සුවඳ ගහන එව්වා තියලා. ඒකට අපේ දිහා . අපේ උන් දෙන්නගේ ලැබ් එක බාත් රුම් එක.

    ReplyDelete

 
;