Sunday, October 16, 2011

තීක්ෂණී කාරියවසම් සහනි ඉමා නානායක්කාර සමගින් ගිය මහා මුහුදු ගමන !!!!!!!!!!!!!!

ඇමෙරිකාව සොයා ගත්තේ ක්‍රිස්ටෝපර් කොලොම්බස් ය.කැප්ටන් කුක් විසින් ඕස්ට්‍රේලියාව සොයා ගන්නා ලදී.ඉන්දියන් සාගරය සොයා ගන්නා ලද්දේ තීක්ෂණී කාරියවසම් විසිනි.ඒ 1990 දීය.
එවකට තීක්ෂණී කාරියවසම්ගේ නිවස පිහිටා තිබූ තැන අපි හොඳින් දනිමු.ඒ කළුවැල්ලේ, ගාලු පාරට ඉතා සමීපවය.කෙසේ නමුත් 1990 වන තෙක් එම නිවස පි‍ටුපස ඉන්දියන් සාගරය පිහිට...ා තිබූ වගක් කිසිවෙක් දැන සිට නැත.නමින් පමණක් නොව ක්‍රියාවෙන්ද තීක්ෂණියක් වූ කුඩා තීක්ෂණී කාරියවසම් දැරිය තම නිවස පසුපස ඉන්දියන් සාගරය පිහිටා ඇති බව 1990 ජනවාරි මාසයේදී දැන ගන්නා ලදී.ඉන් අනතුරුව තම මිතුරියන්ටද ඉන්දියන් සාගරය පෙන්වා ඔවුන්ගේද දැනුම දියුණු කිරීමට සිතූ මේ කුඩා දැරිය තම මිතුරියන් වන සහනි ඉමා නානායක්කාර , සහනිගේ සොහොයුරිය සහ තවත් කිහිප දෙනෙකු සමග ඉන්දියන් සාගරය නැරබීමට ගියා.ඒ ගියේ පාසල් වේලාවේදීද,ඉන් පසුද යන්න ගැන මට වැටහීමක් නැත.කෙසේ නමුත් මේ ගවේශකයන් පිරිස.....රුමේශාගේ පියාට අයත් ටයර් හවුස් එක අසලදී 5 වසර "සී" පංතිභාර ගුරුතුමිය විසින් අත්ඩංගුවට ගන්නා ලදී.
තීක්ෂණී කාරියවසම් රූපලාවන්‍ය ශිල්පිනියක් වූයේ ඉන් අනතුරුවයි.එදා ඒ ගමන සාර්ථක වූවා නම් අද ඇය ක්‍රිස්ටෝපර් කොලොම්බස්,කැප්ටන් කුක්,ෆඩිනන්ඩ් මැගලන් යන නම් අතර කියැවෙන අනික් නම වීමට ඉඩ තිබුණා.

පසුව ලියමි.
මේ මහා මුහුදු ගමන එදා අති භයංකාර ලෙස සැලකුනද එය ඉතා අහිංසක උත්සාහයක් බව අප පිලිගත යුතුව ඇත.මේ ගමන සඳහා හිරුනි හසමාලි සමරසිංහ,ශ්‍රිමාලිකා කුලවර්ධන(විවාහයට පෙර) ...ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතව සිටියද තාක්ෂණිකහේතුවක් මතඔවුන්ගේ ගමන නැවතුනු බවද ආරංචියී.

4 comments:

  1. Nadeesha, I truly enjoyed yr art of writing. Enjoyed so much dear Miss Malini's singing period.. I wish to know which year you did OLs in Convent. I did in 1969, Sr. Adrian's time. Some of my class mates are Deirdre (Miss Malini's sis,) Dakshi Kariyawasam, Thasmi, Charlotte bandara, Priyadharshani, Shireen, Sandya and etc. I truly wish to know that gul haarapu class.. Was it next to Miss Cealia's art class? To my memory, that was the only class with laali that you can haaranna hil... Please let me know.... So happy to know another daughter of my beloved Alma mater. God
    Bless you from Ramya Liyanage..

    ReplyDelete
    Replies
    1. Hi, Thanks for such a lovely comment. Yes, That Gul haarapu class was next to those days Art room. Later i'll try to post some pics, probably in my next SL visit. I did my O/L in 1998. I left SHC in 1999 and admitted to Sirimavo Colombo for A/L. KIT with this blog. I'll post more memories.

      Delete

 
;