Wednesday, October 12, 2011

ගීතාංජලී සහ ගීතා ආන්ටි ගේ කතාව.................!


ගීතා ආන්ටි සිටියේ ක්රිස්ටීන් සිල්වාගේ සහ ගීතාංජලී ගේ නිවස අතර මැද ,ඊට ප්රති විරුද්ධ පැත්තේ පිහිටා තිබුණු ඇනෙක්ස් එකකයි.එයා අපේ පංතියේ ලමයි අතර නැතුවම බැරි චරිතයක් වුනේ 1994 දි...චන්ද්රිකා ආණ්ඩුව කාලෙ.
1994 මැද භාගය වන විට අපේ පංතියේ ලමුන් අතර විවිධ අරුමෝසම් බඩු ගැවසෙන්න ගත්තා...මුලින්ම මේවා ගැවසුනේ facinating Queen වූ රවී ප්රභා රණසිංහ ගු...නසේකර ලඟ...යි.ගාල්ලෙ ආරියදාස එකේ නැති පෑන්,පැන්සල්,මකන කෑලි,පාට පෙට්ටි වගේ ජාති එයා ලඟ තියන කොට අපි ඇහුවා කොහෙන්ද කියලා...........අන්තිමේදි තමයි දැන ගත්තේ ඒවා ගීතා ආන්ටි ඉන්දියාවෙන් ගෙනාපු ඒවා කියලා...මේවා පංතියට ආවේ ගීතාංජලී හරහා...එයා මේ අන්තර්ජාතික ගණුදෙනුවේ මැදිහත් කරුවකු ලෙස Voluntary position එකක වැඩ කලා.
එක දවසක් මමත් ගියා ගීතා ආන්ටි බලන්න.. රවී ප්රභා රණසිංහ ගුනසේකර සහ ගීතාංජලී එක්ක..ගිහින් ගත්තා රුපියල් දහයක් වටිනා පෑනක්. කාලෙ ගීතා ආන්ටිගේ බඩුවක් නොතිබ්බොත් ඒක ලොකු අඩුවක්නේ.. නිසා මමත් කිලෝමීටර් 5 ක් පයින් අවිදලා ගීතා ආන්ටිගේ ගෙදර ගිහින් රුපියල් 10 ක් දීලා ඔය පෑන ගත්තේ. පෑනෙන් කිසිම දෙයක් ලියන්න බැරි උනත් අපේ තත්වය maintain කරන්න ඒක හරි වැදගත් උනා.
ඉතිං කාලෙ ඉඳලා මට හිතුන දෙයක් තමයි ගීතාංජලී කවදාහරි අන්තර්ජාතික වෙළඳාමේ iconic figure එකක් වෙයි කියලා...හැබැයි ඒකට එයාට තාමත් කල් තියනවා.

3 comments:

  1. Recooend that you read 'CHINAMAN" by Shehan Karunatillake. you have bit of a Shehan in you and a bit of Kanchana Amilani[thinkland.net]

    ReplyDelete
  2. Nope, I heard about Chinaman and Shehan but I didn't read yet. I really impressed with Sunethra Rajakarunanayake and wanted to follow her free style writing. Okey ! I will read Shehan first and let you know who insides me.

    ReplyDelete

 
;