Wednesday, October 12, 2011

ෆෙරෝස් !


ලෝකෙ වටේ කොයි තරම් ෆෙරෝස් ලා හිටියත් ගාල්ලෙ අපි දැනගෙන හිටියෙ ෆෙරෝස් ලා එක් කෙනෙක් ගැන විතරයි. කළුවැල්ලේ ෆෙරෝස්.එයා St Aloysius එකට ගියාට වැඩිපුර උදවු කලේ අපේ ඉස්කෝලෙට.
1996 අපේ ඉස්කෝලෙ සියවස සමරද්දි අපි exhibition එකක් කළා. Exhibition පටන් ගත්තු දවසේ ඉඳලා ඉවරවෙන තාක් සියලුම බාලදක්ෂිකාවන් පාසලේ කඳවුරු බැන්දා. ඊට සමගාමී අපේ "ටිෆින් රූම්" එක ඇතුලේ ෆෙරෝස් Cool Bar එකක... දැම්මා.
මේ සිද්...ධිය සිදු වුනේ ප්රදර්ශනය පටන් ගෙන ගතවුනු පළවෙනි දවසෙ හවස..
ෆෙරෝස් ගේ තාවකාලික Cool Bar එකේ තිබුණු වැදගත්ම දේ වුනේ "යෝගට්".යෝගට් 30 ක් විතර Mini Bar එක ඇතුලට දාලා එක වටේට ළණුවකිනුත් බැඳලා තමයි ෆෙරෝස් හවස ගෙදර ගියේ.යන්න කළින් Koshala Siriwardene ta කිව්වලු .."මේක හොඳින් බලා ගන්න කියලා"
ඔසාමා බින් ලාඩන් කවුරු හරි කිව්වොත් ඇමෙරිකාව දිවිහිමියෙන් ආරක්ෂා කරන්න කියලා...අනේ ඒක විදියටම වෙයි නේද?????????????????

වන විටත් අපේ ටිකිරි මොළේ ෆෙරෝස්ගේ යෝගට් 2ක් පැහැර ගැනීමට සැලසුම් කරලා ඉවරයි.ඒත් එකම ප්රශ්නෙකට තිබුනේ Kanchana Wijesinghe ශබීහා අත්තාස්,අසන්ති ලියනගේ කියන seniors ලා මෙම භූමිය තුළ කඳවුරු ලා සිටීම.නමුත් අපේ කණ්ඩායමේ කෙනෙක් ඉදිරිපත් වුනා අපි යෝගට් ගන්නා තෙක් හට් එක මුර කරන්න.
එතෙක් මෙතෙක් අපි සමග සියලු හොඳ/නරක වැඩ වලට හවුල් වුනු මිතුරියක් අපේ සැලසුම සාකච්ඡා කරන අතරවාරයේ හදිසියේම නැගීසිට විශේෂ ප්රකාශයක් කළා. තමාට අද නම් මේ කර්තව්යය සඳහා සහභාගී වීමට හැකියාවක් නොමැති බවයි. හැරෙන්නට විශේෂ සිදුවීමක් වාර්තා වුනේ නැහැ.
පාන්දර 1 වන තෙක් නිදිවර්ජිතව සිටි බැවින් අපට කළින් සැලසුම් කළ පරිදි කටයුතු කිරීමට හැකියාවක් තිබුනේ නැහැ.නමුත් පාන්දර 2 අපට ධනාත්මක පිලිතුරක් ලැබුනා. seniors la නින්දට ගිය බවට............
අනුව වරකට එක් පුද්ගලයෙකු බැගින් හතර දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් "ටිෆින් රූම්" එකට ගියා....නමුත් .කණ්ඩායමේ නායිකාව හදිසියේම ප්රකාශ කලේ අපි පස් දෙනා හැරුණු විට තවත් කෙනෙක් ටිෆින් රූම් එකේ ඉන්නා බවට... සමගින් අපි බියෙන් ගල්ගැහුනා.නමුත් ඉතා බුද්ධිමත් වූ කණ්ඩායමේ නායිකාවට අනුව මේ පාන්දර ජාමයේ ටිෆින් රූම් එක තුළ යමෙක් වේනම් ...අපේ කෙනෙක් හෝ ෆෙරෝස් විය යුතුම බව නිගමනය කෙරුනා !
නුවණැති නායිකාව අනුමාන කළ දේ 100% ක් නිවැරදි වුනා.එතන හිටියේ තමාට අද නම් මේ කර්තව්යය සඳහා සහභාගී වීමට හැකියාවක් නොමැති බව පවසා නැගිට ගිය අපේ මිතුරියයි.එදා seniors ලගේ හට් එක මුර කළ බාලදක්ෂිකාව අද Doctor කෙනෙක්.
අපිට කලින් යෝගට් ගන්න ගිය කෙනාගෙ නම නම් දැන් අහන්න එපා.එයා දැන් ඉන්නේ ඇමෙරිකාවේ.!


4 comments:

  1. Lovely memories....those days will never come back nunga...

    ReplyDelete
  2. Ha ha I remember this😁😂😀😃 we had loads of fun!,,, thanx for re writing our wonderful memories nadeesha!!!😊

    ReplyDelete
    Replies
    1. It's me sharafaath by the way... my name came as unknown

      Delete
    2. It's me sharafaath by the way... my name came as unknown

      Delete

 
;