Friday, March 16, 2012

Morning පී.ටී



මට Morning පී.ටී වල අගය වැටහුනේ 1993 දි.ඒ වෙනකොට ශාරීරික යෝග්‍යතාවය නොමැති බව දක්වමින් අරවින්ද ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් කර සිටි අතර එයට විරෝධය පෑම සඳහා අර්ජුන හා ගුරුසිංහ තරග වර්ජනය කලා.නායකත්වය රොෂාන්ට හා හෂාන්ට ලැබී තිබුනා.අපි දිගටම මැච් පැරදුනා.ඒ නිසා මම ඉතා ඕනෑ කමින් පාසලේ උදෑසන පී.ටී සන්දර්ශනයට සහභාගී වුනා.
Morning පී.ටී කියන්නේ ඉස්කෝලේ ඉඳපු හොඳම මීටර් වල එකම වීක් පොයින්ට් එක.
මට තාම මතකයි සිස්ටර් රොසිනා අපර් ෆ්ලෝ එකේ ඉඳගෙන තරඟය නරබනවා.කමෙන්ට් කරනවා.ලයික් අන්ලයික් කරනවා (උදා ; මිස් හරිස්චන්ද්‍ර,you are good in sports but do this correctly )
අන්ෆ්‍රෙන්ඩ් කරනවා (මිස් හරිනි මානවඩු, ඔයා පිටිපස්සට යන්න...මිස් ධර්මවංශ you have to do it again! )
පෝක් කරනවා (මිස් විතානවසම්...ලක්ෂි'ස් සිස්ටර්, ඔයා හරිම කම්මැලියි !)
සෙටින්ග්ස් වෙනස් කරනවා ( මිස් රාසික් you have to couch the toes not the knees )
හදාගන්නම බැරි උනොත්, රිපෝට් කරලා බ්ලොක් කරනවා.
මේවගේ ඉවෙන්ට්ස් ගැන කල්පනා කරලම වෙන්න ඇති අපේ ඉස්කෝලේ උඩු මහල් වල කොරිඩෝ ඔය තරම් නිර්මාණශීලීව හදලා තිබුනේ.
සිස්ටර් රොසිනා පාසලේ ඉඳපු ළමයි දෙදහස් ගානෙම නම, වෙන වෙනම දැනගෙන හිටියා.නම විතරක් නම් මදෑ..ඒ ළමයගෙ අම්මගෙ , තාත්තගෙ, අල්ලපු ගෙදර ඇන්ටිගෙ නම,ගම,වයස වගේ හැම දෙයක්ම.....මේ දේවල් රිමයින්ඩ් කරන්න ලැබුනු හොඳම අවස්ථාව උදෑසන පී ටී සෙශන් එක.මේකෙදි අපි හැමෝම Losers ලා.විනර්ස් ලා දෙන්නයි ඒ කාලෙ හිටියේ..කලානි අක්කා සහ සාරති අක්කා.එදා වැඩිපුරම කියවුනු නම් හතර

1) කිසාගෝතමී ජාගොඩ
2) රුවයිහා රාසික්
3) සමර්ථා හරිස්චන්ද්‍ර
4) විනිඳු විතානවසම්

මේ හතර දෙනාගේ ප්‍රොෆයිල්ස් වලට ගිහින් එයාලගෙ වර්තමාන පිංතූර බලන්න.මේ කතාවෙ සැබෑ තත්වය වටහා ගන්න.

අයිස්



අයිස් කියන්නේ නිකම්ම නිකම් මෙව්වා එකක් කියලා හිතන් හිටපු අපිට අයිස් කියන්නේ මොනාද කියලා හරියටම තේරුනේ 1997 දි...දහයෙ පංතියෙදි.
විද්‍යා විෂයේ ප්‍රායෝගික පරීක්ෂණයකට අයිස් ගේන්න කියලා අපිට කිව්වේ මිස් කුසුම්.කොහොමත් ඉස්කෝලෙට අවශ්‍ය ඔය වගේ දේවල් අපේ ගෙවල් වලින් උස්සන් එන්න කිසිම හේතුවක් තිබුනෙ නෑ.ඒකට තමා රොෂානි ගුණතිලකගෙ අම්මයි තාත්තයි අපේ ඉස්කෝලෙ ලඟින් ගෙයක් අරන් තිබුනේ.
වෙනදා වගේම අයිස් ගෙනාවෙ රොෂානි..Thermos flask එකක දාගෙන.මේ flask එක ටික මොහොතකින් පංතිය වටේම ගියා.සමහරු බෝතලේ ඇරලා අයිස් කැට අරගෙන කෑවා. (මොකද අයිස් කියන්නේ ශක්තිජනක ආහාරයක්නේ) ටිකකින් මිස් කුසුම් පංතියට ආවා.අයිස් සහිත flask එක ඉස්සරට අරන් ගියේ අනූෂා වැල්ලගේ.එහෙම ගිහින් flask එක මේසෙ උඩින් තියලා එක හොඳින් සෙලෙව්වා.(අපි මොනාහරි බීම බෝතලයක් බොන්න කලින් ඒක සොලවන්නේ..ආන්න ඒ ආකාරයට)
ඊට පස්සේ ඉතාම සීරුවෙන් බෝතලේ මූඩිය ඇරියා.අයිස් සමගින් වීදුරු ක‍ටු එළියට ආවා.වැල්ලගේ සොයුරිය විසින් සෙලවූ සෙලවිල්ලට උණු වතුර බෝතලේ වීදුරු ආවරණය බිඳී තිබුනු අතරව් වීදුරු ක‍ටු අයිස් සමග මික්ස් වී - රී මික්ස් වී තිබුනා.
එදා රොෂානි ඇඬුව ඇඬිල්ල මට තාම මතකයි.එයාගෙ ගෙදර පුරවැසිභාවය අහිමිවෙයි කියලා එතුමිය සෑහෙන බයකින් හිටියේ.
මේ අතර හිටි හැටියේ අනූෂා වැල්ලගේ අඬන්න පටන් ගත්තා.මම හිමීට ලංවෙලා ඇහුවා "මොකෝ මේ කියලා"
එතුමිය දුන්නු උත්තරේ මට තාම මතකයි. "නදීෂා..රොෂානිට flask එකක් අරන් දෙන්න වෙන එකක් නෑ නේද?"

මම


මම මේ ලෝකේ වඩාත්ම ආසා කලේ බස් කොන්දොස්තර කෙනෙක් වෙන්න.මගේ මස්සිනාල හතර දෙනා එක්ක සෙල්ලම් කරද්දි කොන්දොස්තර රස්සාවට කාටවත් අතගහන්න දුන්නේ නෑ මම.ඉස්කෝලෙ යන්න පටන් ගත්තු පළමුවැනි දවසේ...මම ඇඬුවා මට බස් එකේ ෆුට් බෝඩ් එකේ යන්න ඕනය කියලා.එදා තාත්තා මාව ටිකදුරක් එහෙම එක්කන් ගියත් ඊට පහුවෙනිදා කීවා ඒක "පිරිමි ළමයි" යන විදිහ කියලා.
මම දිග කලිසම් අඳිද්දි වයස දහතුනේදි කිව්වා "ගෑනු ලමයින්ට සුදුසු ඇඳුම ගවුම" කියලා.
මම කැමතිම සෙල්ලම ක්‍රිකට්.ඒත් අපේ ඉස්කෝලෙ "ක්‍රිකට් ටීම්" එකක් තිබ්බෙ නෑ.බිග් මැච් ෆීවර් කාලෙ රිච්මන්ඩ්-මහින්ද සයිකල් ‍රැලි එක ඇන්ජිට මතකද?අන්න ඒ සයිකලේක යන්න අපිට කවදාවත් බැරිවුනා.
අපි කැමතිම "සැන්ඩ්ල්ස්" ජාතිය බාටා එකේ "මේල්" සෙක්ෂන් එකේ තිබ්බේ.
අපි විෂය බාහිර වැඩ වලට ආෆ්ටර් ස්කූල් නැවතුනත් හය වෙනකොට ගෙදර යා යුතුව තිබුනා.
අපිට කවදාවත් දවස් හය හතක් ගත කරගෙන "Road Trips" යන්න බැරි වුනා.දවස් හය හතක් නෙමේ..එක දවසක් උනත්....
අපිටත් "ගැන්සි" තිබ්බා.ඒත් ඒවා හවස හතරෙන් පස්සෙ විසිරුනා.
මම කැමැත්තෙන් හිටිය කොල්ලෙකුට මට කවදාවත් ආදරය ප්‍රකාශ කරන්න බැරි උනා.
මම කැමතියි කෑ ගහල හිනා වෙන්න.ඒත් ඉස්කෝලෙ ඉන්ටවල් එක විතරයි තිබුනෙ.
ගාල්ලෙ කො‍ටු පවුර උඩට ගිහින් තනියම කල්පනා කරන්න ඕනෙය කියල හිතුනත් ඒක "තනියම ඉන්න නුසුදුසු" තැනක් වුනා.
ඉස්කෝලෙ දවසක ඉස්කෝලෙ වෙලාවක අපේ යාලුවො එක්ක "‍ෆිල්ම් එකකට" සෙට් වුනා නම්...අන්න එදා..මගේ ජීවිතේ අවසාන දවස වෙන්න ඉඩ තිබ්බා.මේ කිසි දෙයක් නොකළ නිසා තමා අද මම මේ තැන ඉන්නේ.
අද මාර්තු 08

යමුනා සෙව්වන්දි Official Model of SHC


යමුනා සෙව්වන්දි මගේ ටීන් බුක් එකේ ලිව්වේ එයා ලොකුවුනාම "මොඩ්ලර්" කෙනෙක් වෙනවා කියලයි.එහෙම ලියල අවුරුදු දෙකක් යන්න කලින් එයා ඇත්තටම "මොඩ්ලර්" කෙනෙක් වුනා.එසේ මෙසේ කෙනෙක් නෙමේ..තමන් ඉගෙන ගන්න ඉස්කෝලෙම Official Modeler.
මම අහලා තියනවා සමහර ලමයි පාසල් යන වයසෙදිම නිරූපණ ක්ෂේත්‍රයට පය තැබීම නිසා තමුන් ඉගෙනගත් පාසලෙන් ඉවත්වන්නට සිදුවුනු කතා....ඒත් මෙතුමිය මොඩ්ලර් කෙනෙක් වන්නේ එවකට පාසලේ විදුහල්පතිනිය වූ සිස්ටර් රොසිනා සහ ආචාර්ය මණ්ඩලයේ පූර්ණ ආශිර්වාදය මතයි.ඒ කතාව මෙහෙමයි.
පාසලේ සියවස වෙනුවෙන් පාසල් නිල ඇඳුම වෙනස් කිරීමට තීරණය වූ අතර සුදුසු නිළ ඇඳුමක් ‍තෝරා ගැනීමට ළමුන් අතර තරඟයක්ද පැවැත්වුනා.අවසානයේදී ‍තෝරා ගත් නිළ ඇඳුම් හතරක් අපර් කෝට් එක උඩ මහජන දර්ශනය සඳහා ‍තෝරා ගනු ලැබුවා.
එක්තරා දිනක දහවල් විවේකයෙන් පසු මෙම විලාසිතා ප්‍රදර්ශනය පවත්වනු ලැබූ අතර යමුනා සෙව්වන්දිය ඉතා මනස්කාන්ත ලෙස විවිධ නිළ ඇඳුම් වලින් සැරසී අපර් කෝට් එක වටා යමින් විලාසිතා නිරූපනය කලේ හරියට රොසෑන් අක්කා සිංගප්පූරු විලාසිතා දැක්ම ට ඉදිරිපත් වූ ආකාරයටයි.කෙසේ නමුත්, එම නිළ ඇඳුම් අල්ලා බැලීමට හෝ ලඟට ගොස් හැඩ බැලීමට ඇය විසින් අපට අවස්ථාව ලබා නොදෙන ලදී.
අවසානයේ ඇය විසින් විලාසිතා දැක්මට ඉදිරිපත් නොකළ ඇඳුමක් "සියවසේ නිළ ඇඳුම" ලෙස ‍තෝරා ගැනිණ.

මියුරි සහ ගයා ගේ දොඩං කතාව...



මියුරි මිසී යි, ගයා කාංචනා කුමාරි යි අපි අතරට ආවේ 1993 දි.මෙයාලා මගේ පන්තියට අල්ලපු පංතියේ..සෞන්දර්ය විෂයෙදි විතරක් අපි එකට...
අලුත් ඉස්කෝලෙට ආපු ගමන් මැංගෝ ෆ්‍රෙන්ඩාස් ල වගේ හිටපු මේ යුවල ඉතා කෙටි කලකින් ඊශ්‍රායෙල් පලස්තීන් වගේ තත්වෙකට පත්වුනා..මේ බව දැන ගත්ත මිස් බ‍ටුවත්තට ඕනෑ උනා මේ දෙපල ආයෙත් "බැක් ‍ටු නෝමල්" කරන්න...ඔන්න ඉතිං එතුමිය එදා සංගීත පංතිය පටන් අරන් කියනවා..
"ළමයි, ඔයාල මල් වගේ (තනමල්විල ඒව නොවේ)..හැමදාම ලස්සනට පිපිලා හිනැහිලා ඉන්න ඕන..තරහින් ඉන්න කොට මල් මැල වෙනවා..කෝ මේ පංතියේ තරහා ලමයි අත උස්සන්න...."
අනේ...ඔන්න ගයා කාංචනා කුමාරි අත උස්සනවා..
මියුරි මිසී සද්දයක් වත් නෑ.
"ගයා කවුරු එක්කද තරහා?" මි බ‍ටුවත්ත අහනවා..
"කවුරුත් එක්කවත් නෑ" කුඩා ගයා රොම්බ ඉන්ටෙලිජන්ට් විදියට ස්කොර් කරනවා.
"එහෙනම් ඇයි අත ඉස්සුවේ?" මිස් අහනවා..
"මේ මියුරි මාත් එක්ක තරහද කොහෙද මිස්...මම නම් තරහා නෑ" ගයා තව තවත් ස්කොර් කරනවා..සංගා වගේ!
"ගයා කොහොමද දන්නේ මයුරි ඇත්තටම තරහද කියලා?" මිස් අහනව..
"එයා මා එක්ක දොඩන්නේ නෑ නෙ මිස්" ගයා ගාල්ලෙ අපට උරුම අපේ බාසාවෙන්ම දොඩල ප්‍රස්නය ඉවරයක් කරන්න බලනවා.
"දොඩන් නැත්නම් දෙහි හරි දීල ඔය ලමයි දෙන්න යාලු වෙන්න" මිස් කියනවා...
Miyuri Dolamullage ඊට පස්සෙ මක්කැයි උනේ????
 
;