Friday, March 16, 2012

මම


මම මේ ලෝකේ වඩාත්ම ආසා කලේ බස් කොන්දොස්තර කෙනෙක් වෙන්න.මගේ මස්සිනාල හතර දෙනා එක්ක සෙල්ලම් කරද්දි කොන්දොස්තර රස්සාවට කාටවත් අතගහන්න දුන්නේ නෑ මම.ඉස්කෝලෙ යන්න පටන් ගත්තු පළමුවැනි දවසේ...මම ඇඬුවා මට බස් එකේ ෆුට් බෝඩ් එකේ යන්න ඕනය කියලා.එදා තාත්තා මාව ටිකදුරක් එහෙම එක්කන් ගියත් ඊට පහුවෙනිදා කීවා ඒක "පිරිමි ළමයි" යන විදිහ කියලා.
මම දිග කලිසම් අඳිද්දි වයස දහතුනේදි කිව්වා "ගෑනු ලමයින්ට සුදුසු ඇඳුම ගවුම" කියලා.
මම කැමතිම සෙල්ලම ක්‍රිකට්.ඒත් අපේ ඉස්කෝලෙ "ක්‍රිකට් ටීම්" එකක් තිබ්බෙ නෑ.බිග් මැච් ෆීවර් කාලෙ රිච්මන්ඩ්-මහින්ද සයිකල් ‍රැලි එක ඇන්ජිට මතකද?අන්න ඒ සයිකලේක යන්න අපිට කවදාවත් බැරිවුනා.
අපි කැමතිම "සැන්ඩ්ල්ස්" ජාතිය බාටා එකේ "මේල්" සෙක්ෂන් එකේ තිබ්බේ.
අපි විෂය බාහිර වැඩ වලට ආෆ්ටර් ස්කූල් නැවතුනත් හය වෙනකොට ගෙදර යා යුතුව තිබුනා.
අපිට කවදාවත් දවස් හය හතක් ගත කරගෙන "Road Trips" යන්න බැරි වුනා.දවස් හය හතක් නෙමේ..එක දවසක් උනත්....
අපිටත් "ගැන්සි" තිබ්බා.ඒත් ඒවා හවස හතරෙන් පස්සෙ විසිරුනා.
මම කැමැත්තෙන් හිටිය කොල්ලෙකුට මට කවදාවත් ආදරය ප්‍රකාශ කරන්න බැරි උනා.
මම කැමතියි කෑ ගහල හිනා වෙන්න.ඒත් ඉස්කෝලෙ ඉන්ටවල් එක විතරයි තිබුනෙ.
ගාල්ලෙ කො‍ටු පවුර උඩට ගිහින් තනියම කල්පනා කරන්න ඕනෙය කියල හිතුනත් ඒක "තනියම ඉන්න නුසුදුසු" තැනක් වුනා.
ඉස්කෝලෙ දවසක ඉස්කෝලෙ වෙලාවක අපේ යාලුවො එක්ක "‍ෆිල්ම් එකකට" සෙට් වුනා නම්...අන්න එදා..මගේ ජීවිතේ අවසාන දවස වෙන්න ඉඩ තිබ්බා.මේ කිසි දෙයක් නොකළ නිසා තමා අද මම මේ තැන ඉන්නේ.
අද මාර්තු 08

No comments:

Post a Comment

 
;