Tuesday, August 28, 2012

ආජි තපර බීජි තපර බිස්කු බිස්කු ලාහිලා !


රමණි බර්තොලමියුස් ගැන මා දන්නේ නැත.ඈ භාග්‍යා ටෙලිනාට්‍යයේ රඟනු මා කිසිදා දැක නැත.මා දන්නේ තනූෂා ප්‍රසන්සනී පෙරේරා සහ එස් දිනූෂා නේරන්ජි එක්ව කළ "ආජි තපර ලාහිලා" ගැනය.

දිනුෂා නෙරංජි නැවතත් පාසල් වේදිකාවේ ! මේ , ආජී තපර නැටුමෙන් වසර විසිහයකට පසු එලඹි පහුගිය සතියේ ගන්නා ලද චායාරූපයකි. තවමත් ඈ ඩාන්සින් ක්වීන්මය.
ඒ 1988 වසරේ නොවැම්බර් මාසයයි.පොඩි ඉස්කෝලේ විවිධ ප්‍රසංගයයි.එහි තුන්වැනි නර්තන අංගය වූයේ "ආජි තපර ලාහිලා" ය.පුදුමය එය එසේ සිදුනොවුනා නම් ය.මේ ගීතය වාදනය නොවුනු විවිධ ප්‍රසංගයක්,කලා උළෙලක්,සංගීත සන්දර්ශනයක් එකල සොයාගන්නට අපහසු විය. ආජිතපරයත් ජාතික  ගීයත් අතර තිබ්බේ එක වෙනසකි . ජාතික ගීය සාමාන්‍යයෙන් වැයෙන්නේ දවසේ උදාවත් දවසේ නිමාවත් වෙනුවෙන් පමණි. නමුත් ආජිතපරය තුන් තිස් පැයේ නොකඩවා වැයුනේය. රූපවාහිනිය-ගුවන්විදුලිය -පාසල් වේදිකාව හා ගමේ සංගීත සැන්දෑව රස කළ මේ ගීතය තාමත් රමණි තරම්ම අමරණීය ය.
නමුත් මා කතා කරන්නේ ඒ ගීතය නොව මේ නැ‍ටුම ගැනය.

දිනුෂා නෙරංජි නැවතත් පාසල් වේදිකාවේ ! 

එය නැ‍ටුවේ තනූෂා ප්‍රසන්සනී පෙරේරා, චාමිනී වික්‍රමසිංහ, රෝශානි ගුණතිලක සහ එස් දිනූෂා නේරන්ජි එක්වය.
1988 සිට පුරා වසර හතරක් පාසලේ පල්ලියේ පුස්තකාලයේ තුබූ සෑම සියළු උත්සවයකදීම එක දිගට "ආජි තපර " නටන්නට ඉන් අනතුරුව මේ යුවලට සිදුවිය.ඒ නැ‍ටුම එතරම්ම චමත්කාර ජනකය.රතුපාට දික් සාය-සුදුපාට අත්දිග කමිසය - වටේට වැල් විහිදුනු විසේකාර පන්තොප්පිය දමා ගනිමින් නෙරංජි සහ ප්‍රසංසනී බඹර වළල්ලේ කැරකෙමින් නැටූ හැටි මට තාමත් මැවී පෙනේ.වරක් නැරඹූවෙකුට එය පහසුවෙන් අමතක කළ නොහැකිය.
ලිට්ල් ස්ටාර් හෝ ඩාන්සින් ස්ටාර් නොතිබි යුගයක සුපර් ස්ටාර් හෝ මෙගා ස්ටාර් ගැන නොදන්නා යුගයක රඟ දැක්වූ මේ නැ‍ටුම එවකට බෙන්තර ග‍ඟෙන් එපිට බිහිවූ ජනප්‍රියතම නැ‍ටුම  බව මම සිතමි.එය එදා බෙන්තර ගඟින් එපිටට ගෙන ගියේ නම්; මේ වන විට  නවතින්නේ එංගලන්තයේ තේම්ස් ගඟ හරියේය, නැතිනම් ඊටත් එපිටිනි.

3 comments:

  1. :) මට මතක් වුණා අපේ ඉස්කෝලෙ මොකක්ද නාට්‍යයක කිෂාණියි තවත් ළමයෙකුයි නැටුව නැටුමක්.

    ReplyDelete
    Replies
    1. ඉතිං ඔයාගෙ ඉස්කෝලෙ මොකක්ද කියල කියන්නකෝ!

      Delete
  2. මේ නැ‍ටුම එදා බෙන්තර ගඟින් එපිටට ගෙන ගියේ නම්; මේ වන විට එය නවතින්නේ එංගලන්තයේ තේම්ස් ගඟ හරියේය, නැතිනම් ඊටත් එපිටිනි.

    :D :D :D

    ReplyDelete

 
;