Thursday, October 4, 2012

අධ්‍යාපන ඇමති පු‍ටුවෙන් නැගිටවූ රවිනි කළුපහන

ඒ ඓතිහාසික අවස්ථාව
ආචාර්ය රිචර්ඩ් පතිරණ මහතා ක්‍රියාකාරී දේශපාලනයේ යෙදී සිටියදී ඔහු පු‍ටුවෙන් නැගි‍ටුවා ලීමට බොහෝ දෙනෙක් උත්සාහ කළහ.නමුත් එය උත්සාහයන්ට පමණක් සීමා විය.1994 දී රවිනි කළුපහන විසින් අධ්‍යාපන ඇමතිවරයා පු‍ටුවෙන් නැගි‍ටුවන ලදී.ඒ ඔහු දේශපාලනමය වශයෙන් ඉතා දැඩි ස්ථාවරත්වයක් ගොඩනගා ගෙන සිටි වකවානුවකදීය.

එවකට ඈ පාසලේ බටහිර තූර්යවාදන කණ්ඩායමේ නායිකාව වූවාය.ක්ලැරිනට් නමින් සංගීත භාන්ඩයක් ලොව ඇති බව පළමු වරට මා දැන ගත්තේ ඇයගෙනි.චර්චිල් ගේ මුව මත සුරුට්‍ටුව වූයේ යම් සේද ඇගේ මුව මත නිතර රඳී තිබුනේ ක්ලැරිනටයකි.

කිසිදු ක්‍රීඩා ඉසව්වකට සහභාගීත්වය නොදැක්වූ ඈ විසින් ක්‍රීඩා පිටියේ තබන ලද වාර්තාවක් අදටත් නොබිඳී පවතී.ඒ තූර්ය වාදන සංදර්ශනයකදී වැඩිම උසකට  MACE එක උඩ දැමීමෙනි.ඒ ඉසව්වෙන් ඈ අබිබැවූ කෙනෙකු ගැන එතෙක් මෙතෙක් වාර්තා වී නැත.ඕසෝන් වියන සිදුරු වූයේ රවිනි කළුපහන විසින් උඩදැමූ  MACE එක වැදීමෙන් වග එවක මා සිතාසිටියෙමි.

MACE
ඒ ශ්‍රී ලංකාවේ 46 වැනි නිදහස් දින උත්සවයයි.දකුණු පළාත් රාජ්‍ය උත්සවය ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී පැවැත්වූ දිනයයි.පාසල් තූර්යවාදන කණ්ඩායම් විස්සක් ක්‍රීඩා පිටිය මත තූර්ය වාදන සංදර්ශනයේ නියැලි අවස්ථාවයි .ප්‍රධාන අමුත්තා පසු කරමින් රවිනි කළුපහන ඇතුළු කණ්ඩායම ඉදිරියට ඇදුනු මොහොතයි.

ප්‍රධාන පීඨිකාව පසුකර පියවර කිහිපයක් යත්ම රවිනි කළුපහන සිය අතෙහි ‍රැඳි MACE එක ඉහලට දැමීය.එය ඉහළට නැං‍ඟේ අහස්කූරක් මෙනි.එවන් වික්‍රමයක් කිසිදා බලාපොරොත්තු නොවූ ආචාර්ය රිචඩ් පතිරණ හුනස්නෙන් නැඟී සිටියේ  MACE එක කොහේ නැවතුනිදැයි බැලීමටය.අධ්‍යාපන ඇමතිවරයා අසුනෙන් නැඟී සිටිනු දු‍ටු පළාත් මහ ඇමතිවරයාද අසුනෙන් නැංගේය.ඇමතිවරයාත් මහ ඇමතිවරයාත් අසුන් වලින් නැඟී සිටිනු දු‍ටු වහා කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුද විදුහල්පති වරුද ගුරුවරුද සිය අසුන් වලින් නැඟී සිටියහ.

සිය දේශපාලන ම‍ඟෙහි සදා අපරාජිත ව උන් ආචාර්ය රිචර්ඩ් පතිරණ අනපේක්ෂිත ලෙස සිය අසුනෙන් නැඟිටවූ කතාව මින් නිමි ය.අසුනෙන් නැගී සිටියා මිස අසුන අහිමි කර ගැනීමට ඔහු කිසිදා  කටයුතු නොකළේය.



ප.ලි: රවිනි කළුපහන කියන්නේ MACE ඩ්‍රිල් සරඹයන්හි  අති දක්ෂයෙක්.ඇගේ අතින් කවදාකම වත් MACE එක බිම වැටිල නැහැ.ඈ තරම් එහි නිපුනත්වයට පත් කෙනෙක් මගේ ජීවිතයේදී තවත් දැක්කෙ නැහැ.කොටින්ම කියනවා නම් යුධ හමුදා හෝ නාවික හමුදා තූර්ය වාදන කණ්ඩායම් වල නායකයන්ටවත් ඈ එක්ක හැරෙන්න බැහැ.මම තවමත් ආදරයෙන් මතක් කරනවා ඈ තූර්යවාදන සංදර්ශන වලදී MACE එක උඩ දමන අවස්ථාවන්.ඒවා හරිම වික්‍රමාන්විතයි.ඇගේ තූර්යවාදන සරඹ ගුරුවරයා වූ චන්දන සර් වත් ඒ තරම් උසකට MACE එක උඩ දමනු මම කිසිදාක දැක නැහැ.



17 comments:

  1. Replies
    1. mace ekata aththatama mokada une

      Delete

    2. ඉතාම සුරක්ෂිතව නැවත රවිනි කළුපහන විසින් ග්‍රහනය කර ගත්තා.ඈ එක රකින්නේ ජොන්ටි රෝඩ්ස් වගේ.

      Delete
  2. :D ලේසි නැහැ. දේශපාලකයො බිය වුණාද දන්නෑ ඒක හෙල්ලක් විදිහට පාවිච්චි කරල ඒගොල්ලො ඉන්න පැත්තට එව්වය කියලා.

    ReplyDelete
    Replies
    1. නැහැ.ඇමති තුමා සිරාවටම වික්ෂිප්ත වෙන්න ඇති.මේක මේ තරම් උඩ යන්නේ කොහොමදැයි කියා.

      Delete
  3. මොනා උනත් බෑන්ඩ් එකේ අනිත් සාමාජිකයින්ට හෙන විශ්වාසයක් තිබිලා තියෙනවා... මම හිතුවේ උනුත් හිස් ලූ ලූ අත දිවගියාද කියලා... :D

    ReplyDelete
    Replies
    1. රවිනි කළුපහන කියන්නේ අති දක්ෂයෙක්.ඇගේ අතින් කවදාකම වත් MACE එක බිම වැටිල නැහැ.ඈ තරම් එහි නිපුනත්වයට පත් කෙනෙක් මගේ ජීවිතයේදී තවත් දැක්කෙ නැහැ.කොටින්ම කියනවා නම් යුධ හමුදා හෝ නාවික හමුදා තූර්ය වාදන කණ්ඩායම් වල නායකයන්ටවත් ඈ එක්ක හැරෙන්න බැහැ.මම තවමත් ආදරයෙන් මතක් කරනවා ඈ තූර්යවාදන සංදර්ශන වලදී MACE එක උඩ දමන අවස්ථාවන්.ඒවා හරිම වික්‍රමාන්විතයි.ඇගේ තූර්යවාදන සරඹ ගුරුවරයා වූ චන්දන සර් වත් ඒ තරම් උසකට MACE එක උඩ දමනු මම කිසිදාක දැක නැහැ.

      Delete
  4. ඔය කියන චන්දන සර් මහින්දෙන් බිහි කරපු රජ බඩුවක් තමයි.

    ReplyDelete
  5. රියල් බුලට් එකක්. ඒත් අන්තිමට තිබුන සංවාදය කියෙවුවාම නං දුක හිතුනා. කොච්චර නං අපේ අතීතය අපිට අමතකද? ආයිත් පාසැල් කාලෙට ගියා. හිතට දැනුන පෝස්ට් එකක්.

    ReplyDelete
  6. දෙන්න තිබුනෙ ඇමතිතුමාට.

    ReplyDelete
  7. I was in the band at the time, unfortunately I didn't get to c coz I was busy playing I think!!! U r right nangi Ravini akka is the greatest band leader we had!! have never seen such talent!!

    ReplyDelete
  8. අපූරු කතාවක්. මම කල්පනා කලත් අපේ බෑන්ඩ් එකේ ලීඩර් වෙච්චි මගේ යාළුවා ඕක උඩ දැම්මද කියල මතක් කරගන්න බැරි වුනා..

    මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා අපේ පාසලේ ක්‍රීඩාංගනය විවෘත කරන්න ආපු වෙලාවකදි ඌ අතින් ඕක වැටුනාම ඉස්කෝලෙම එව්වො හූ කිව්ව හැටි මතක් වුනා. ඕකට හිටපු ජනාධිපතිතුමා හිතලා තියෙන්නෙ එයැයිට හූ කිව්වා කියලා.. ඉතින් ඕකට අප්සට් ගිහිල්ලා අපේ විදුහල්පතිතුමාගේ අම්මා මුත්තව පවා එතුමා මතක් කලාය කියලා අපිට ආරංචි වුනා. එදායින් පස්සෙ ඉස්කෝලෙ ඉවෙන්ට් වලට ගැහුවේ girls band එක. ඒක නම් බලන්න ලස්සනයි...

    ReplyDelete
  9. Replies
    1. එයා ඉන්නවා ඉතාලියේ.

      Delete
  10. මීට කලකට පෙර පාසැල් වල ආරක්ෂාව තර්ජනයට ලක්ව තිබියදී අවසර නැතිව පිටස්තර පුද්ගලයිනට පාසැල් වලට ඇතුළු වීම තහනම් විය. පාසල් ළමුන්ගේ පොත් බෑගය පවා දින පතා පරීක්ෂාවට ලක් වින. එවකට සිටි අධ්‍යාපන ඇමති රිචඩ් පතිරණ දිනක් වෙනත් ගමනක් යන අතර තුර රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයට පුර්ව දැනුම් දීමකින් තොරව අවේලාවේ ඇතුල් වන්නට උත්සාහ කලමුත් රාජකාරියේ සිටි පාසැල් මුරකරු විසින් අධ්‍යාපන ඇමති හට පාසලට ඇතුලත් වීමට ඉඩ දී තිබුනේ නැත. ආපසු හැරී ගිය ඇමති කිහිප තැනක දීම මුර කරුගේ ඒ ක්‍රියාව අගය කර තිබුණි. නමුත් ඒ සම්බන්ධන් නොව රිචඩ් පතිරණ වූ අතර, මුරකරු නිරායුධ, නුපුහුණු අඩුවෙන් උගත් පුද්ගලයෙකි.

    ReplyDelete
    Replies
    1. රිචර්ඩ් පතිරණ පුත්‍රයා ඊයේ තම ෆේස්බුක් පිටුවේ, හිටපු නායකයා සතුරන්ගෙන් ආරක්ෂා කරගන්නටය කියාලා මොකද්ද මන්තරයක් පෝස්ට් තිබුණි. රිචර්ඩ් පතිරණ තව අවුරුදු දහයක් ජිවත්ව උන්නා නම්; ගාල්ලේ සුමනදාස සමරසින්හ ලා කිසිදා රජගෙදර කටයුතු වලට උපදෙස් නොදෙනු ඇත.

      Delete

 
;