Thursday, October 3, 2013

මනෝහාරී ‍රැගෙන ආ සෙව්වන්දි බස්නායක

මනෝහාරී ‍රැගෙන ආවේ සමන් ආතාවුදහෙට්ටිය.ඒ, සෑම සිකුරාදාම රාත්‍රී හතට ජාතික රූපවාහිනියෙනි.සෙව්වන්දි බස්නායක මනෝහාරී අරන් ආවේ අනූපහ අවුරුද්දේ අප්‍රේල් මාසයේ දවසක කට්ට අව්වේ පහළ පිට්ටනියේ සිටියදීය.
පාසලේ සිංහල - හින්දු අළුත් අවුරුදු උත්සවයේ අවසන් අංගය විකට ඇඳුම් තරඟයකි. දොස්තරද,කොන්දොස්තරද,බස් ඩ්‍රැයිවර්ද,කෝච්චි ගාඩ් ද, මහල්ලන්,දෙමහල්ලන් යන චරිත ඉමිටේට් කරමින් රඟන සාම්ප්‍රදායික විකට රංගනයකට "මනෝහාරී සංගීත වැඩසටහන" ‍රැගෙන ආවේ සෙව්වන්දි බස්නායක විසිනි.එය පාසලේ විකට ඇඳුම් තරඟ ඉතිහාසය වෙනස් කළේය.
"මනෝහාරී" එවකට ලංකාවේ වැඩි දෙනෙක් නැරඹූ ජනප්‍රියතම රූපවාහිනී වැඩසටහන විය. එය එතරම්ම ජනප්‍රිය වූයේ සමන් අයියාගේ කතාව නිසාමය. සෙව්වන්දී බස්නායක විසින් විකට ඇඳුම් තරඟයට චිත්‍රණය කළේ ඒ අරුත්බර කතාවත් මනහර ලතාවත්ය.


සෙව්වන්දී බස්නායක ඇතුළු දාසය දෙනෙකුගේ කණ්ඩායමක් තරඟය අවසන් වෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී පහළ පිට්ටනියට ප්‍රාදූර්භූත විය. ඒ ප්‍රාදූර්භූතවීම දෙවැනි වන්නේ මයිකල් ජැක්සන් තම ඒක පුද්ගල ප්‍රසංගයකදී පාවෙන පීරිසියක් මතින් විත් වේදිකාවට ගොඩවීමේ සිද්ධියට පමණය.
ඈ හැඳ සිටියේ සමන් ආතාවුදහෙට්ටි අඳින ඇඳුමමය. එය ලා කහ පැහැතිය. කපටි සූට් එකකට වඩා කපටි කමින් අඩු අතර ජාතික ඇඳුමට වඩා කපටි කමින් වැඩි එකකි.එහි කමිසය මත රේන්දයෙන් ගෙතූ මල් වැලක් විය. ඈ එය කොහෙන් සොයාගත්තාදැයි අපි නොදත්තෙමු.
ඇගේ කැරළි කොණ්ඩය පි‍ටුපසට කර පෝනි ටේල් එකක් දමා තිබිණි.සමන් අයියා කොණ්ඩය දැමුවේද ඒ අකාරයෙනි. ඇගේ මුහුණට නිතර දාඩිය දැමී හේතුවෙන් කට වටා අලවා තිබූ ‍රැවුල කිහිප වරක් නැවත සකසා ගන්නට ඇයට සිදුවිය.
අනතුරුව මයික්‍රොෆෝනය අතට ගෙන පිට්ටනිය වටා ඇවිදිමින් ඈ මෙසේ කියන්නට පටන් ගත්තාය.
"අද මම ඉන්නේ ගාල්ලේ ශ්‍රී හර්දය කන්‍යාරාම බාලිකා මහා විද්‍යාලයේ. නංගිලා පිරිසක් මට ආරාධනාවක් කර තිබෙනවා, ලියුමකින්..මං ඒක කියවන්නද?"
"දයාබර සමන් අයියේ! ඔබේ හඬ මිහිරියි, වචන ඉමිහිරියි..............අද වැඩසටහන ප්‍රේමයටම වෙන් කරන්න."
ප්‍රේමයටම වෙන්කළ වැඩසටහනේ එදා ගායනා කෙරුණේ ප්‍රේමාන්විත යුග ගීතයන් හි කෝරස් එක පමණකි. ගායක-ගායිකාවෝ පැමිනියේ යුගල් වශයෙනි.ඇත්තටම එතැනදී පැරණි ගීත නවීන පන්නයෙන් ගායනා කෙරුණු අතර නවීන ගීත පරණ මොඩලයට ගායනා කෙරිණ. ඒ  ඉරාජ් වීරරත්න, අශාන්ති හෝ චිත්තී ගායනයට පිවිසීමට සිහිනෙකිනුඳු නොසිතූ වකවානුවකය.
කිසානි අබේවර්ධන,ෆසානා අත්තාස්,කලානි විජේවර්ධන, ඉමේෂිකා ද සිල්වා මනහර ලෙස රඟමින් යුග ගීත ගායනා කළහ. නම නොදන්නා තවත් පිරිසක් ඒ අතර උන්නු බව කිවමනාය.
හිප්-හොප් ලංකාවට ගෙනාවේ අශාන්ති කියා සිතන්නන්ට මම් කාරණයක් මතක් කරදීමට කැමතිය.
මා මුලිම්ම හිප්-හොප් දු‍ටුවේ 1995 දීය. ඉදිරිපත් කළේ "සිල්වා" කෙනෙකි.
ඈ අශාන්තී නොවේ, ඉමේෂිකා ද සිල්වා ය.

11 comments:

  1. මනොහාරි නම් මමත් ආසවෙන් බැලුව.ඔය සන්ගිත ශයිලි ගැනනම් දන්නෙ නැ

    ReplyDelete
    Replies
    1. ඔව්.මනෝහාරී මනෝහාරීම තමයි. ඒකට විවිධ සංගීත ශෛලීන් එක් කළේ සෙව්වන්දි බස්නායක විසින් අපේ ඉස්කෝලෙ අවුරුදු උත්සවේ විකට ඇඳුම් තර‍ඟෙදි.

      Delete
  2. Very good write up..! It took me back to my own school days, We tried to imitate Tissa Abeysekera or Amrabandhu Rupasinghe. Each generation has its own heros. Saman is of course a hero of mine since his Landesi Dupatha days.

    ReplyDelete
    Replies
    1. Thanks Hashitha aiya. It took two long years to write a reply and say thank you. My loss :/

      Delete
  3. චන්දරේ නෝනා මෙහෙම ස්කෝලයක් ගැන ලියනා බව දැන ගත්තේ අදමය... ඒ ගැන චිත්තප්රිතියෙන් කොමෙන්ටුවක් කොටා යමි..

    ReplyDelete
    Replies
    1. Thanks. I have another blog too http://nadeesha-chandrasena.blogspot.my/

      Delete
  4. මම මේ බ්ලොගේ එක කියෙවෙඑ, අශාන්ති ගැන අඩු ටක්සේරු කරන්න එපා . එයා ඇත්තටම දක්ෂ කෙනෙක් , එය සෙට් වෙලා ඉන්න සෙට් එකේ ටම අවුලක් තියෙන්නේ , අසන්ති කියන්නේ හිප් හොප් නෙමෙයි , එය Jazz musician කෙනෙක්, එය දක්ෂයි

    ReplyDelete
    Replies
    1. Never ever underestimated her. I know her talents. Thanks :D

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete

 
;