Sunday, October 19, 2014

වසවර්තියා මෙල්ල කළෙමි; නැත, උගෙන් මෙල්ල උනෙමි !

ගණන්කාරයෙක් වෙන්න නවය වසරෙදි බැහැ..ඒක කරන්න පුළුවන් දහය  වසරෙන් පස්සෙ.මම මේක කියන්නේ මගේම අත්දැකීමෙන්.එක්දහස් නවසිය අනූ හයේ   අපි නවය  වසරේ ඉන්න කොට මගේ හොඳම යාළුවා ජයංකාට ලොකු අර්බුදයක් ඇති වුනා.එයා ගියේ අනුෂා මානවඩුගේ ගේ තාත්තා ගෙ ගණිත ටියුෂන් පන්තියට. ඒක තිබ්බේ ලස්ස කඩේ හරියේ....මේ පංතියේ හිටියෙ හතරයි.ජයංකා එකම කෙල්ල.අනික් තුන් දෙනාම එක පැත්තක්ලු.ජයංකාට අනංමනම් කියනවාලු.යාළුවන් වශයෙන් මේ අවනඩුව දරන් ඉන්න බැරි උනා මටත් - අන්ජලාටත් !
ඒ වෙනකොට රටේ ඉඳල තිබ්බෙ ගණන්කාරයෝ දෙන්නයි.
එස්. උපාලි සහ ටී. පත්මෙ...
මේ දෙන්න ඇරුනම වෙන කෙනෙක් හිටියා නම්, ඒ මම.
අවවාදයයි : මේ මෙල්ල කළ නොහැකි කොල්ලෙකි 
මමයි, මගේ අනික් පළුව වන ඇන්ජලා නිවන්තියි ඊලඟ සතියේ ගියා ජයංකා එක්ක යටකී ගණිත පංතියට.ඒ ගණිතය ඉගෙන ගන්න නෙමී, ගණිතය උගන්නන්න...ජයංකාට කරදර කරපු උදේශ් ටයි සිරිමාන්න ටයි.
ගුරුතුමා අපිව හොඳින් පිළිගත්තා.අපි ඉතාම අවිහිංසක ලෙස බංකුව ඉඳගෙන ඉගනගන්න පටන් ගත්තා.එදා ක්‍රිකට් තරඟයක් තිබුනා.දැවැන්ත ක්‍රිකට් ලෝලියෙක් වූ ගුරුතුමා පංතිය අතර මග නිතර නිතර තම නිවස ඇතුළට යනවා..තරඟය නරබන්න.
දැන් අපේ තරඟය,
ගුරුතුමා එළියට ගියා.
ගණන්කාරයෙකු  වන නදීෂා චන්ද්‍රසේන තරඟය ආරම්භ කරමින්..පංතියේ සිටි අහිංසකම කොල්ලෙක් වන නාලක ගෙන් අහනවා "මේ..ටෑන් අනූව කීයද?"
"අනන්තයයි" නාලක කියනවා.
"අනන්තය ලියලා පෙන්නන්න බැරිද?" ආයෙම මම අහනවා.
"බෑ" ..ඊලඟට උත්තර දෙන්නේ නාලකගේ යාලුවා ගයාන් සිරිමාන්න.
"ඔයා එළු පවුලකින්ද පැවත එන්නේ?' මම අහනවා. "අනුන්ගෙ ප්‍රශ්නයකයට හොට දාල "බෑ" කියලා කියන්නෙ එළුවන්ට තමා.." මමම කියනවා.

මෙන්න මේ ආකාරයට වරෙක ඉතා දර්ශනීයව වරෙක ඉතා භයංකාර ලෙස මම ඒ කොල්ලන්ව මැඩෙව්වා.පංතිය අවසානයට කලින් කොල්ලො තුන් දෙනාම නැගිට්ටා, කලින් ගෙදර යන්න.මම මැඩෝනා වගේ ඉතා ආඩම්බරයෙන් යාළුවෝ දෙන්නා එක්ක පංතියෙන් එලියට ආවා.ඒත් අනේ......පංතියෙන් එළියේ ගයාන් සිරිමාන්න සහ මිතුරු කැළ හිටගෙන ඉන්නවා..හරියට ජිනීවා වලදි අපට විරුද්ධව අත උස්සපු ටීම් එක වගේ.දැන් ඉතිං කොහෙට කියලා යන්නද මැඩෝනා ?
මැක්ඩොනල්ඩ්ස්,කේ.එෆ්.සී,පිට්සා හට් වගේ ඒවා ඒකාලේ ගාල්ලෙ නොතිබුනාට... එදා මම කෑවා උපරිම කෑමක්.
ඒනිසා හොඳින් මතක තියා ගන්න..ඔබ ගනන් කාරයෙක් වෙනවා නම්;ඒක දහය වසරෙන් පස්සේ කරන්න. 

4 comments:

  1. ඉතින් සිරාවට සීරාව බයිට් එකට ගත්තද බන් අක්කේ. මුන් ඉස්කෝලේ හිටියේ ඕන කෙල්ලෙක් බයිට් එකට ගන්නවා වගේ. අපි මුන්ට එකක් බාල පන්තියේ. ජූල්ගහ සෙන්ට්‍රල් එකේ හිටිය බෝක්කුව ලග ගැන්සිය.

    ඔය කොටට අදින ඉස්කෝලේ එවුන් ඉන්නවා නේද? ඒ දවස්වල අපිට පෙන්න බෑ.නළුවෙක්ගේ වයිෆ් කෙනෙක් ඉන්නවා මම ඉන්දියා යනකොට ෆ්ලයිට් එකේ හම්බවෙලා මට හොද කින්ඩියක් දුන්න වැඩිපුර බියර් එහෙම ගෙනත් දීලා. අන්තිමටම කියනවා ඔයාලගේ සෙට් එක තමා අපිට ජරා නම් කියලා කගහන්නේ හැමදාම. මම කිව්වා පිස්සුද ...ජා කියලා. මෙකි කියනවා අනේ යනවා හලෝ යන්න. අපි දන්නවා ඒක කෑමක් ගැන නොවෙයි කියලා


    යකෝ කොමෙන්ට් එක ගහගෙන යන්කොටනේ දැක්කේ ඔයා ආමිද

    ඔය අපේ වයසේ අර චමලි හරි චාමිනි හරි කියලා එක්කෙනෙකුත් ඉන්නවා ආමි එකේ ඔයාලගේ cardiology යුනිට් එකෙන්ම ඉගෙනගත්තු

    ReplyDelete
    Replies
    1. ඔව් ! ඌ මාව බයිට් කළා. මාව ඌ බයිට් කළා.

      Delete
  2. http://www.lankadeepa.lk/index.php/articles/315789

    ReplyDelete
  3. රුවනි කළුපහන ගෙන් පටන්ගත්තු පාර ඔක්කොම කියෙව්වා ....මට හොදටම විශ්වාසයි ....ක්ශිරපතය ට විතරක් නෙමෙයි ....ඇන්ඩ්‍රෝමිඩා වලටත් නදීෂා චන්ද්‍රසේන කෙනෙකුට ඉන්නේ ඔයා විතරයි කියල ...excellent නංගි ....



    ReplyDelete

 
;